13 වසරකට පසු කිරුළ ශාන්ත පීතර ට

අගෝ 20, 2023
    අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශුරතාව වසර 13කට පසුව හිමිකරගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්යාලය සමත්වුණා.

     ඒ, ඊයේ පැවති තීරණාත්මක තරගයේදී කොළඹ ඉසිපතන විද්යාලය පරාජය කරමින්. තරගය බම්බලපිටිය ශාන්ත පීතර විද්යාලයීය ක්රීඩාංගණයේදී පැවැත්වුණා.

    මෙවර ශාන්ත පීතර කණ්ඩායම තරගාවලියට පිවිසියේ එකම අපරාජිත කණ්ඩායම ලෙසයි.
     
    පසුගිය වසරේ ලීග් ශූරයින් වූ ඉසිපතන විද්යාලයීය කණ්ඩායම තම කිරුළ ආරක්ෂාකරගැනීමේ අරමුණුන් තරගයට පිවිසියා.
     
    තරගයේ පළමු අර්ධය අවසන්වූයේ ලකුණු 15ට 10ක් ලෙස ශාන්ත පීතර විද්යාලය ඉදිරියෙන් සිටිමින්.
     
    දෙවැනි අර්ධයේදී පීතර විද්යාලය තවත් ලකුණු 13ක් සහ ඉසිපතන විද්යාලය ලකුනු 07ක් රැස්කළා.
     
    ඒ අනුව ලකුණු 28 ට 17 ක් ලෙස තරගය ජය ගත්තේ ශාන්ත පීතර විද්යාලයයි. ඒ අනුව මෙම වසරේ ලීග් කිරුළ ශාන්ත පීතර විද්යාලයට හිමිවුණා.
     

    Latest News