දිමුත්ගේ නායකත්ව සටනට සවියක් නොවිමෙන් අමිහිරි පරාජයක්

මැයි 25, 2019

    ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පුහුණු තරගය ලකුණු 87කින් ජයග්‍රහණය කිරීමට ද.අප්‍රිකාව සමත් විය.

    ශ්‍රි ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ද.අප්‍රිකාවට ලබාදුනි. ඒ අනූව, හෂීම් අම්ලා හා එයිඩන් මාර්කම් ද.අප්‍රිකානු ඉනිම ආරම්භ කළේය. ප්‍රථම කඩුල්ල සඳහා ඔවුන් දෙදෙනා අතර ලකුණු 47ක සබඳතාවක් ගොඩනැංවිණ. ඒ අනුව ලකුණු 21ක් ලබා සිටිය දී එයිඩන් මාර්කම් ප්‍රථම කඩුල්ල ලෙස දැවී ගියේය. ඉන් අනතුරුව පිටියට පිවිසි පප් ඩුබ්ලසි, හෂීම් අම්ලා සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා ඉතා ප්‍රවේගවත් ඉනිමක් ගොඩනගමින් ලකුණු 175ක සබඳතාවක් ගොඩනගනු ලැබිණ. පප් ඩුප්ලසි ලකුණු 88ක්ද, හෂීම් අම්ලා ලකුණු 65ක්ද, ද.අප්‍රිකාණු කණ්ඩායම වෙනුවෙන් රැස්  කළේය.

    ඒ අනූව, පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 338ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් ද.අප්‍රිකාව ලබාගැනීමට සමත්විය.

    ලකුණ 338 ජයග්‍රාහි ඉලක්කයක් හඹයාමට ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරනු ලැබුවේ කුසල් ජනිත් සහ නායක දිමුත් කරුණාරත්න විසින්. ඒ අනුව කුසල් ජනිත් ලකුණු නොලබාම දැවී ගිය අතර දිමුත් කරුණාරත්න කඩුල්ලේ ස්ථාවරව රැඳී සිටිමින් ලකුණු 87ක් රැස්කිරීමට සමත්විය. කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ගේ සහයක් ජයග්‍රාහි ඉලක්කය හඹායාමට නායක දිමුත් කුරුණාරත්නට නොලැබිණ. ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 64ක් රැස්කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 37ක් රැස්කළේය.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම දෙනා පන්දුවාර 42යි පන්දු 3ක දී ලකුණු 251ක් රැස්කර සිටියදි දැවි ගියේය.එ අනුව ශ්‍රි ලංකාව පරදාව ලකුණු 87 ජයක් වාර්තා කිරිමට දකුණු අප්‍රිකාව සමත්වුයේය.

    ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි පුහුණු තරගය ලබන සඳුදා (27) ඔස්ට්‍රේලියාවත් සමග පැවැත්වීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 25 මැයි 2019 18:18

    Latest News