ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

මැයි 30, 2019

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි. ප්‍රථම තරගය එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතයි.

    තරගාවලියේ මාධ්‍ය අනුග්‍රහය ජාතික රූපවාහිනියෙන්. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව මේ වන විට කාගේත් දැඩි අවධානයක් යොමුව තිබේ. කණ්ඩායම් 10ක් මූලික වටයේ දී ලීග් ක්‍රමයටත් පසුව පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයටත් තරඟවැදීමට නියමිතයි. කණ්ඩායම් අතර තරගකාරීත්වය වැඩිකිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවති පුහුණු තරග 8ක් පැවැත්වූ අතර එහි දී සෑම කණ්ඩායමකටම තරග 2ක බැගින් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි විය.

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල විකාශය හිමිකරු වන ජාතික රූපවාහිනිය මෙවර ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ද නිල විකාශය සහකරු ද වීම කැපී පෙනේ. ඒ අනූව සජීව ලෙස ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ද ලෝක කුසලාන ක්‍රිකට් තරගය නැරඹීමට ජාතික රූපවාහිනිය ඔබට අවස්ථාව හිමිකර දී තිබේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 30 මැයි 2019 12:07

    Latest News