ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගය අද

ජන 19, 2020

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හරාරේහිදී අද (19) ආරම්භ වෙයි. තරගය මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ පස්වරු 1.30ටයි. ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දේශයේ දී ටෙස්ට් තරගාවලියක් සඳහා එක්වන්නේ වසර 04කට පසුවයි.

    2016 වසරේ අවසන් වරට එරට ටෙස්ට් තරග සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 02කින් සමන්විත එම ටෙස්ට් තරගාවලිය රංගන හේරත්ගේ නායකත්වය යටතේ 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.

    දෙරට අතර මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 18ක්. ඉන් තරග 13ක් ශ්‍රී ලංකාව ජයගත් අතර තරග 05ක් ජය පරාජයෙන් තොරව අවසන් විය.

    සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් තරග ජයක් වාර්තා කර නොමැත. ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළ නොවන තරගාවලියක් ලෙසයි පැවැත්වෙන්නේ.

    සිම්බාබ්වේ කණ්ඩායම මේ වන විට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 11 වැනි ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකා පිළ එහි 6 වැනි ස්ථානයට හිමිකම් කියයි.

    Last modified on ඉරිදා, 19 ජනවාරි 2020 10:03

    Latest News