ශ්‍රී ලංකාවට තවත් තීරණාත්මක තරගයක් අද

ඔක් 18, 2022

    20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර තීරණාත්මක තරගයක් අද පැවැත්වෙයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට පමණ ආරම්භ වීමට නියමිතයි.

    A කාණ්ඩය යටතේ තරග කරන මෙම කණ්ඩායම් දෙකම තමන් සහභාගී වූ පළමු තරගයෙන් පරාජයට පත් විය.

    ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාව හමුවේ ලකුණු 55ක අනපේක්ෂිත පරාජයක් ලැබූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය නෙදර්ලන්තය හමුවේ කඩුළු 3කින් පරාජයට පත් විය.

    A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය 3 වැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වන ස්ථානයේ රැදී සිටියි. ඒ අනුව මෙම තරගාවලියේ ඉදිරියට යාම සදහා මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනු ඇති.

    මේ අතර A කාණ්ඩයේ තවත් තරගයක් ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30ට පමණ ආරම්භ වීමට නියමිතයි. නැමීබියාව සහ නෙදර්ලන්තය එහිදී තරග වදියි. 

    Latest News