ෂකීබ් අල් හසන්ට තරග තහනමක්; T20 ලෝක කුසලානයේ ක්‍රිඩා කිරීම අවිනිශ්චිතයි

ඔක් 29, 2019

    අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් බංගලාදේශ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන්ට වසර 2ක තරග තහනමක් පනවා ඇත.

    ඔහු විසින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීතිවලට අනුව දූෂණ හා වංචා සම්බන්ධයෙන් වාර්තා කිරීමට අපොහොසත් වීම ඊට හේතුව ලෙස දක්වා තිබේ. නමුත් එම චෝදනාවලින් 3ක් ඔහු පිලිගැනීම නිසා තහනම් වසර 2ක කාලයෙන් වසරක කාලයක් අත්හිටුවීමට ICCය තීරණ කර ඇත.

    2018 වසරේ බංගලාදේශය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගී වූ තුන්කොන් ක්‍රිකට් තරගවලිය සහ 2018 වසරේ ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියේ දී තමන්ට දූෂණවලට සම්බන්ධව ලැබුනු ආරාධනා, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ පිටුදැකීමේ ඒකකයට වාර්තා කිරීමට අපොහොසත් වීම ඇතුළු චෝදනා 3ක් ඔහුට එල්ල වී තිබේ.

    ඔහුගේ තරග තහනම 2020 වසරේ ඔක්තෝබර් 29 දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව 2020 පැවැත්වීමට නියමිත T20 ලෝක කුසාලාන තරගාවලියේ දී බංගල්දේශය සහභාගීවන පළමු වටයේ තරග 3 ෂකීබ් අල් හසන් හට ක්‍රීඩා කිරීමට නොහැකිවනු ඇත.

    Latest News