තමීම් ඉක්බාල් තීරණය වෙනස් කරයි

ජූලි 07, 2023

    බංග්ලාදේශ ක්‍රීඩක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය ඉවත් කරගෙන තිබෙනවා.

    විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ කැඳවමින් ඔහු සිය විශ්‍රාම ගැනීම නිවේදනය කළා. බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හෂීනා සමග පැවති විශේෂ සාකච්ඡාවකින් පසුවයි, ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව, තමීම් ඉක්බාල් නැවතත් බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති.

    Latest News