ඔලිම්ෆික් ජයගත් විශේෂ අවශ්‍යතා දරුවන්ට ඇගයීමක්

මාර් 25, 2019

    විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ ඔලිම්පික් ක්‍රිඩා උළෙල 2019 හි විශේෂ දක්ෂතා දැක්වූ දරුවන් අගයකරමින් ඔවුන් වෙත මුදල් ආධර ලබාදීම අද (25) සිදු විය.

    විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ ඔලිම්පික් ක්‍රිඩා උළෙල 2019 පසුගියදා ඩුබායි හා අබුඩාබි හිදි නිමාවට පත් විය.

    ශ්‍රි ලංකාවට රන් පදක්කම් දෙකක් හා රිදි පදක්කම් 4ක් දිනා ගැනිමට සමත් විය.එම දරුවන් අගයමින් මුදල් ආධාර ලබා දිම අද (25) ආරක්ෂක අමාත්‍යාංශයේදි ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය පිළිබඳ කැබිනට් නොවන ඇමති රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    එහි දි අදහස් දැක් වු අමාත්‍යවරයා සඳහන් කළේ, විශේෂ අවශ්‍යතා ඇති දැරුවන් සමාජයෙන් කොන් නොකර ඔවුන්ගේ දක්ෂතා හඳුනාගත හොත් මීට වඩා දක්ෂයින් සමාජයට,රටේ දියුණුවට යොදා ගත හැකි බවයි. රටවල් 192ක් සහභාගි වු මෙම ක්‍රිඩා උළෙල සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ ඔලිම්පික් සෙරන්ඩිබ් පාසලින් දරුවන් 18 දෙනෙක් සහභාගි වි තිබේ. මේ අවස්ථාවට එම පදක්කම් ලාභි දරුවන්ගේ දෙමාපියන් හා පුහුණ්කරුවන් සහභාගි වුහ.මෙහි විශේෂත්වය වන්නේ ,මෙම පුහුණුකරුවන් කිසිදු මුදලක් අය නොකරමින් ස්වේච්ඡාවෙන් මේ සඳහා සහභාගි වී තිබිමයි.

     

     

     

     

     

    Latest News