ජනමාධ්‍ය ඇමති වැඩ අරඹයි

පෙබ 25, 2019

    ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී රාජකාරී ආරම්භ කළේය

    ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගිය 22 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 

    2015 ජනවාරි 12 වැනිදා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් රුවන් විජයවර්ධන මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු දේශපාලන ඉතිහාසයේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්වු ළාබාලතම දේශපාලඥයින්ගෙන් එක් අයෙකි. පොදු ජනතාව අතර රුවන් විජයවර්ධන ලෙස ජනප්‍රියත්වයට පත්වන ඒ මහතා එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් බියගම ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි.

    1981 වසරේදී කොළඹ ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය කටයුතු ආරම්භ කරන රුවන් විජයවර්ධන මහතා අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය බාහිර කටයුතු වලදී ද කැපීපෙනෙන දක්ෂතා දැක්වීය. ඔහු ශාන්ත තෝමස් රගර් සහ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළේය. නායකත්ව සහජ හැකියාව, ආධ්‍යාපන සහ ක්‍රීඩා කෞශල්‍ය මත 1991 වසරේදී ශාන්ත තෝමස් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස පත්විය.

    රුවන් විජයවර්ධන මහතා එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

    IMG 20190225 WA0011

    Last modified on සදුදා, 25 පෙබරවාරි 2019 12:53

    Latest News