ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

නොවැ 01, 2022

    තරගය පැවැත්වුණේ බ්‍රිස්බේන්හිදී. කාසිය වාසිය ජය ගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

    අද ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට පිවිසියේ එක් වෙනස්කමක් සමග. ඒ අනුව චාමික කරුණාරත්න වෙනුවට කණ්ඩායමට කැඳවා තිබුණේ එය ප්‍රමෝද මධුෂාන්. ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 144 ක්. වැඩිම ලකුණු ලාභියා වෙමින් රහමනුල්ලා ගුර්බාස් ලකුණු 28 ක් රැස් කළා. උස්මාන් ඝානි ලකුණු 27 යි.

    ඊබ්‍රාහිම් සාඩ්‍රන් ලකුණු 22ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 13කට කඩුලු 3 යි. ලහිරු කුමාර කඩුලු දෙකක් දවා ගත්තා. තරගය ජය ගැනීම සදහා ලකුණු 145ක් ඉලක්කයක් සමග සමඟ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්.

    ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 12ක් වන විට පැතුම් ලකුණු 10 කට දැවී ගියා.

    කුසල් මෙන්ඩිස් ලකුණු 25 යි. චරිත් අසලංක ලකුණු 19 ක් රැස් කළා. දනංජය ද සිල්වා අද වාර්තා කලේ තම 20/20 දිවියේ 3 වැනි අර්ධ ශතකය. භානුක රාජපක්ෂ සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 18 කට. ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ පන්දු වාර 18 යි පන්දු 3 අවසානයේ කඩුලු 4 දැවී තිබියදී.

    ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 66 ක් රැස් කළා. පන්දු 42 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 6 සහ 6 පහර 2 ඇතුළත්.

    Latest News