LPL තරගාවලියට නව ලාංඡනයක්

ඔක් 22, 2022

    LPL තරගාවලිය සඳහා නව ලාංඡනයක් එළිදැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

    ධෛර් යය සංඛේතවත් කරන ‘සිංහ’ සංකේතය වටා නිර්මාණය වී ඇති මෙම නව ලාංඡනයෙන් ශ්‍රී ලාංකේය ජාතියේ අධිෂ්ඨානය, නිර් භීතකම සහ ශක්තිය පෙන්නුම් කරන අතර ලාංඡනයේ දැක්වෙන පිතිකරුවා වටා, බලය, ජවය සහ උද්වේගය පෙන්නුම් කරනු ඇත.ඊට අමතරව භාවිතා කර ඇති බහුවිධ වර් ණ ‘ක්‍රිකට් සැණකෙළියක’ ආරම්භය ප්‍රකාශ කෙරෙන අතර එමඟින් ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලොව පුරා රසිකයින් උද්යෝගය සහ වින්දනය පෙන්නුම් කරනු ලබයි.

    නිර්මාණ ඉදිරිපත් කිරීම වෙනුවෙන් දියත් කරන ලද තරගයට සහභාගි වුණු මහනුවර ප්‍රදේශයේ වෙසෙන 24 හැවිරිදි මියුලික වීරමන්ත්‍රී මහතා විසින් මෙම ලාංඡනය නිර්මාණය කරන ලද අතර ඒ වෙනුවෙන් වූ ඩොලර් 1000 ක ත්‍යාග මුදල ඔක්තෝබර් 20 වැනිදා පෙරවරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පැවැති චාම් උත්සවයකදී පිරිනැමිණ.

    ලොව ප්‍රධානම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතර ඉහළතම ගුණාත්මක භාවයකින් යුතුව පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැන්න ලබන දෙසැම්බර් 06 වැනිදා හම්බනතොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

    fedc35 742f6df0861244e98d09aa74c63c75fe mv2

    Last modified on සෙනසුරාදා, 22 ඔක්තෝබර් 2022 18:44

    Latest News