නවසීලන්ත - බංග්ලාදේශ 20-20 ක්‍රිකට් තරගයේ ජය නවසීලන්තයට

ඔක් 12, 2022

    නවසීලන්ත - බංග්ලාදේශ 20-20 ක්‍රිකට් තරගයෙන් ජය හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. තරගය ඊයේ පැවැත්වුණේ, එරට ක්‍රයිස්චර්ච්හිදී.

    බංග්ලාදේශය, නවසීලන්තය සහ පාකිස්තානයේ සහභාගිත්වයෙන් මෙම 20-20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙනවා. ඊයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 ඇතළත කඩුලු 5 ක් දැවී ලකුණු 208 ක් රැස් කළා. ඩෙවෝන් කොන්වේ ලකුණු 64 ක් ලබාගත් අතර, ග්ලේන් පිලිප්ස් ලකුණු 60 යි. පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායමේ මොහොමඩ් සයිෆුඩින් සහ එබාඩට් හොසේන් කඩුලු දෙක බැගින් දවා ගත්තා. පිළිතුරු ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 ඇතුළත රැස් කර ගත හැකි වුයේ ලකුණු 160 ක් පමණයි. ෂකීබ් අල් හසන් ලකුණු 70 යි. පන්දු යැවීමේදී නවසීලන්ත ක්‍රීඩක ඇඩම් මිල්නේ කඩුලු 3 ක් බිද හෙලුවා. ටිම් සවුති සහ මයිකල් බ්‍රෙස්වෙල් කඩුලු 2 බැගින් දවා ගත්තා. ඒ අනුව, නවසීලන්තයට තරගයෙන් ලකුණු 48 ක ජයක් හිමි වුණා.

    Latest News