පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට...

ඔක් 11, 2022

    ලෝක කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ  පළමු පුහුණු තරගයෙන් අද ජය වාර්තා කළා. 

    ඒ,  සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි. තරගය, පැවැත්වුණේ, ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රීඩාංගණයේ දී.  පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම,  පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 188 ක් රැස් කළා. වැඩිම ලකුණු ලාභීයා වූ  කුසල් මෙන්ඩිස්,  පන්දු 29 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 54 ක්. වනිඳු හසරංග පන්දු 14 කදී ලකුණු 37 ක් රැස්  කළා. පැතුම් නිස්සංක ලකුණු 21 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ  සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසන්  වන විට කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 155 ක්. ඒ අනුව, ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ, ලකුණු 33  කින්.

    Latest News