මෙහිදී, දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සහ ශ්රී ලංකාවේ තේ අපනයනය ප්රවර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමුවුණා.
මෙහි දී ශ්රී ලංකාවේ දීර්ඝකාලීන සහාය සහ ජාතීන් දෙක අතර වන අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳව තානාපති අල්කතානි මහතා සිය ප්රශංසාව පළ කළේය. සෞදි අරාබිය වෙත ශ්රී ලංකාවේ තේ අපනයනය ඉහළ නැංවීම කෙරෙහි මෙහි දී විශේෂ අවධානය යොමු වූ අතර දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයාගේ සහ තානාපතිවරයාගේ අවධානය යොමුවුණා.
ශ්රී ලංකාව වෙත ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ජාතික ප්රතිපත්තියක් සැකසීම පිළිබඳව රජය දිරිමත් කළ සෞදි අරාබි තානාපතිවරයා, සෞදි අරාබියේ ආයෝජන මෙරටට ලබා ගැනීම සඳහා ශ්රී ලංකාව තුළ හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම ද අවධාරණය කළා.