බංග්ලාදේශයේ අලුත්ම තත්ත්වය

අගෝ 31, 2024
    බංග්ලාදේශයේ අන්තර්වාර රජය, එළඹෙන දෙසැම්බර් මාසය වන විට ඩොලර් බිලියන 8 ක විදේශ ආධාරයක් ලබා ගැනීමට අපේක්‍ෂා කරන බව, විදෙස් මාධ්‍ය පවසනවා.
    එරට, මේ වන විට ලබා ගෙන ඇති විදේශ ණය ආපසු ගෙවීම සහ එරට විදේශ විනිමය සංචිත ඉහළ නැංවීම එහි අරමුණයි.‍‍
     
    අන්තර්ජාතික මුල්‍ය අරමුදල ඇතුළු අන්තර් ජාතික අරමුදල් සම්පාදන ආයතන ඔස්සේ මෙම ආධාර ලබා ගැ‍නීමට අපේක්‍ෂිතයි.‍
     
    බංග්ලාදේශයේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන සියයකට අධිකයි.
    එම ණය, යළි ගෙවීමට අන්තර්ජාතික මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3ක් සහ එරට ගංවතුර පුනරුත්ථාපන වැඩසටහන් සඳහා තවත් ඩොලර් මිලියන 300 ක් ලබා ගැනීමට අවශ්‍ය බව, "හින්දුස්ථාන් ටයිම්ස්" පුවත්පත සඳහන් කරනවා.
    මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන මාසයේ දී බංග්ලාදේශයට පැමිණීමට නියමිතයි.
    ඉකුත් වසරේ ජනවාරි මස අනුමත කෙරුණු ඩොලර් බිලියන 4 යි දශම 7 ක ණය වැඩසටහන යටතේ අන්තර්ජාතික මුල්‍ය අරමුදල දැනටමත් බංග්ලාදේශයට ඩොලර් බිලියන 2 යි දශම 3 ක ණය මුදලක් ලබා දී තිබෙනවා.
     

    Latest News