20- 20 ලෝක කුසලාන ශ්‍රී ලංකාවට අද තවත් පෙරහුරු තරගයක්

ඔක් 13, 2022

    පන්දුවාර 20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන පෙරහුරු තරඟ අද පැවැත්වෙයි.

    ඒ, අයර්ලන්ත කණ්ඩායම සමගයි. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පැවැත්වෙන මෙම තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට.

    පන්දුවාර 20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සිම්බාබ්වේ සමග පැවති පළමු පෙරහුරු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.එම තරගය ජයගනු ලැබුවේ ලකුණු 33කින්.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන, ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟ ලබන ඉරිදා ආරම්භ වෙයි.


    මේ අතර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද පැවැත්වෙයි. බංග්ලාදේශයේ, සිල්හෙට්හීදී පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිතයි.

    එක් තරගයක් පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා හා පකිස්ථාන කාන්තා කණ්ඩායම් අතරයි. අනෙක් තරගය පැවැත්වෙන්නේ ඉන්දීය හා තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතරයි.

    එම තරග දෙකෙන් ජයගන්නා කණ්ඩායම් දෙක ලබන 15 වැනිදා ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට තරග වදිනු ඇති.

    Latest News