ද.අප්‍රිකාව ලුවිස් න්‍යායෙන් ගොඩදමයි

මාර් 17, 2019

    දකුණු අප්‍රිකාව සමඟ පැවති එක්දින තරගාවලියේ සියලු තරග ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

    අවසන් එක්දින තරගයෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 41ක ජයක් හිමිකරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ සමත් විය.

    ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 225ක් පමණයි. පළමු කඩුලු 7ම ලකුණු 161කට බිද වැටී තිබියදී ඉසුර උදාන සහ ප්‍රියමාල් පෙරේරා අට වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 61ක සබඳතාවක් ගොඩනැගීමට සමත් විය. කුසල් මෙන්ඩිස් ලකුණු 56ක් ප්‍රියමාල් පෙරේරා ලකුණු 33ක් සහ ඉසුරු උදාන ලකුණු 32ක් ලබාගත්තේය. ඇන්ජලෝ පෙරේරා ලකුණු 31යි.

    දකුණු අප්‍රිකානු ඉනිමේ දී විදුලි සංඥා කුළුණුවල දෝෂයක් හේතුවෙන් අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නවතා දැමීමට සිදුවුණි. ඒ වන විටත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 28කදී ලබාගත යුතුව තිබූ ලකුණු 95 ඉලක්කය පසු කර තිබුණි. දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 2 දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 135කි. ඊඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු67යි.

    Last modified on ඉරිදා, 17 මාර්තු 2019 09:38

    Latest News