රාෂිඩ් ඛාන්, රහමත්ෂා ඇෆ්ගනිස්ථාන මංගල ටෙස්ට් ජය ගෙන එයි

මාර් 18, 2019

    අයර්ලන්තය කඩුලු 7කින් පරාජය කර ඇෆ්ගනිස්ථානය සිය මංගල ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමට අද සමත් විය.

    ඇෆ්ගනිස්ථානය හා අයර්ලන්තය අතර ටෙස්ට් තරගය ඉන්දියාවේ දෙහරා ඩන්හිදී පැවති අතර කාසියේ වාසිය දිනූ අයර්ලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනූව, අයර්ලන්තය සිය ප්‍රථම ඉණිමේ දී සියළු දෙනා දැවී ලකුණු 172ක් රැස්කළේය. අයර්ලන්ත කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 50 සීමාවට පැමිණීමට නොහැකි වූ අතර වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 39ක් රැස්කළ ජෝර්ජ් ඩෙක්රේල්. මේ අනූව, සිය ප්‍රථම ඉණිම සඳහා පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය සියළු දෙනා දැවී ලකුණු 314ක් රැස්කළේය. ඒ අනූව, ලකුණු 142ක් පසුපසින් සිටි දෙවැනි ඉණිම ආරම්භ කළ අයර්ලන්තය නැවතත් ලකුණු 288කට දැවී ගියේය.

    ඒ අනූව, ජයග්‍රහණය සඳහා වූ ලකුණු 147ක ඉලක්කය කඩුලු 3ක් දැවී යාමෙන් පසු වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානයට හැකිවිය.

     

    Last modified on සදුදා, 18 මාර්තු 2019 13:49

    Latest News