යොවුන් මලල ක්‍රීඩක නවිෂ්ක සන්දීෂ්ට රිදී පදක්කමක්

මාර් 16, 2019

    හොංකොංහි පැවැත්වෙන තුන්වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමිකර දීමට නවිෂ්ක සන්දීෂ් සමත්විය.

    මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නවිෂ්ක සන්දීෂ් මීටර 400 ඉසව්වෙන් මෙම පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දුන්නේය. මෙවර ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම පදක්කම මෙයයි.

    තරගය නිමා කිරීමට සන්දීෂ් ගත කළ කාලය තත්පර 48.21ක්. මෙය ඔහුගේ හොඳම කාලයයි.

    Latest News