ශ්‍රී ලංකා - ඕස්ට්‍රෙලියානු පළමු එක්දින තරගය හෙට; සංචිතය නම් කෙරේ

ජූනි 13, 2022

    සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා වන ඕස්ට්‍රෙලියානු සංචිතය නම් කර තිබේ.

    පළමු වන එක්දින තරඟය හෙට (14) දිවා - රාත්‍රී තරඟයක් ලෙස පල්ලේකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්විමට නියමිතයි.හෙට තරගය පැවැත්වෙන පල්ලේකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී දෙරට අතර පවත්වා ඇත්තේ, එක්දින තරග දෙකක් පමණයි. එම තරග දෙකම ඔස්ට්‍රේලියාව ජය ගෙන තිබේ. අවසන් වරට ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙරට දී එක්දින තරගාවලියකට සහභාගී වූයේ, 2016 වසරේදී. එම තරගාවලිය තරග 4-1ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගත්තේය.

    හෙට ආරම්භ වන එක්දින තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් සමන්විතයි.  තවමත් එක්දින වරම් ලබා නොමැති දුනිත් වෙල්ලාල්ලගේ, ප්‍රමෝද් මධුෂාන් සහ අසිත ප්‍රනාන්දු ද නම් කළ කණ්ඩායමට අයත්.

    මේ අතර, 20-20 තරගාවලියට සහභාගී වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ද වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ. අදාළ සංචිතය පහතින්,

    Cricket

    Last modified on සදුදා, 13 ජූනි 2022 12:31

    Latest News