ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා සිව්වැනි එක්දින තරඟය අද

ජූනි 21, 2022

    සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන හතරවන එක්දින තරඟය අද (21) පැවැත්වෙයි. ඒ අනුව අද පස්වරු 2.30ට කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී තරගය ආරම්භ වීමට නියමිතයි.

    තුන්වන එක්දින තරඟයේදී විශ්ෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් අද (21) පැවැත්වෙන සිව්වන එක්දින තරඟය සඳහා සහභාගීවීමට නියමිතයි.

    ඔවුන් දෙදෙනාම එම තරගයේ පිතිකරණයේ නිරතව සිටියදී යම් ආබාධ තත්ත්වයන්ට ගොදුරු වූ අතර, එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට කටයුතු කළ අතර කෙසේ වෙතත් ඔවුන් අද තරඟයට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියි.

    මේ අතර ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග හා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකද මේ වන විට ඉදිරි තරඟ සඳහා සහභාගී වීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

    Latest News