පළමු එක්දින තරඟයේ ජය කොදෙව්වන්ට

මාර් 11, 2021

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟය කඩුළු 08 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් විය.

    මෙම තරඟයේ කාසියේ වාසිය හිමිකරගෙන පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 කදී සියළුදෙනා දැවී රැස් කළේ ලකුණු 232 ක් පමණයි.

    ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක ලකුණු 55 ක් සහ නායක දිමුත් කරුණාරත්න ලකුණු 52 ක් රැස් කළේය. සිය පළමු එක්දින තරඟයට ක්‍රීඩා කළ අශේන් බණ්ඩාර ලකුණු 50 යි. ජේසන් මොහොමඩ් ලකුණු 12 කට කඩුලු 02 යි.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 47 කදී කඩුළු 02 ක් පමණක් දැවී ලකුණු 236 ක් රැස් කරගනිමින් තරඟයේ ජය වාර්තා කළා. ෂායි හෝප් ලකුණු 110 යි. එවින් ලෙවිස් ලකුණු 65 ක් රැස් කළේය. දුෂ්මන්ත චමීර ලකුණු 50 කට කඩුළු 02 ක් දවා ගැනීමට සමත් විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 මාර්තු 2021 09:22

    Latest News