20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග බිමේ

ඔක් 18, 2021

    20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ සහභාගී වන පළමු තරගය අබුඩාබි හිදී අද පැවැත්වෙනවා.

    ඒ, නැමීබියා කණ්ඩායමට එරෙහිවයි. A කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07 යි 30 ට ආරම්භ වීමට නියමිතයි.

    මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවත්වෙන්නේ ලීග් ක්‍රමය යටතේ තරග වට 2කටයි. පළමු වටයේ දී A සහ B ලෙස කාණ්ඩ දෙකක් යටතේ රටවල් 8ක් ඊළඟ වටයට සුදුසුකම් ලැබීමට තරග වදිනවා. ඒ අනුව A කාණ්ඩය යටතේ අයර්ලන්තය, නැම්බියාව, නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව තරග වදිනවා. එම කාණ්ඩයේ පළමු තරගය ලෙස අද ශ්‍රී ලංකාව සහභාගී වන තරගය පැවැත්වෙනවා.

    එහි B කාණ්ඩය යටතේ ඔ්මාය, ස්කොට්ලන්තය, බංගලාදේශය සහ පැපුවා නිව්ගිනි කණ්ඩායම් තරග වදිනවා. තරගාවලියේ පළමු තරගය ලෙස පැපුවා නිව්ගිනි කණ්ඩායම සහ ඔ්මානය අතර පැවති අතර එයින් ඔ්මානය කඩුලු 10ක පහසු ජයක් ලබා ගත්තා. එම කාණ්ඩයේ දෙවන තරගය ලෙස පැවති ස්කොට්ලන්තය සහ බංගලාදේශය අතර තරගයෙන් ස්කොට්ලන්තය ලකුණු 6ක තියුණු ජයක් ඊයේ වාර්තා කළා.

    මෙම A සහ B කාණ්ඩවල 1සහ 2 ස්ථාන ලබාගන්නා කණ්ඩායම් 4, තරගාවලියේ දෙවන වටය වන සුපිරි කණ්ඩායම් 12 වටයට සුදුසුකම් ලබනවා. එහි විශේෂත්වයක් වන්නේ එක් වරක් 20-20 ලෝක කුසලානය දිනූ සහ 2වරක් අනු ශූරයන් වූ ශ්‍රී ලංකාව පරදා ඇෆ්ගනිස්තානය සුපිරි 12 වටයට දැනටමත් ඇතුලත් ව සිටීමයි.

    Last modified on සදුදා, 18 ඔක්තෝබර් 2021 09:32

    Latest News