T 20 තරගාවලියට ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙරටට

ජූනි 02, 2022

    ශ්‍රී ලංකාව සමග 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියේය.

    තරගාවලිය ආරම්භ කෙරෙන්නේ, ලබන 7 වැනිදායි. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් පළමු පිරිස ඊයේ පස්වරු 5.00ට පමණ මෙරටට පැමිණි අතර, අනෙක් පිරිස ළගා වූයේ රාත්‍රී 10.30ට පමණ.

    දෙරට අතර 20-20 ක්‍රිකට් තරගාවලියට තරග 3ක් ඇතුළත්. පළමු තරග දෙක ලබන 7 සහ 8 දෙදින කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අනෙක් තරගය ලබන 1 වැනිදා පැවැත්වෙන්නේ, පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

    ඒරන් ෆින්ච්, ඔස්ට්‍රේලියානු 20-20 කණ්ඩායමේ නායකත්වය දරන අතර ෂොන් ඇබට්, ඇෂ්ටන් ඒගර්, ජායි රිචඩ්සන්, කේන් රිවඩ්සන්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, මාකස් ස්ටොයින්ස්, මිචෙල් ස්වෙප්සන්, ඩේවිට් වෝනර් සහ මැතිව් වෙඩ් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූනි 2022 18:38

    Latest News