T20 කාන්තා; 2වැනි තරගයේ ජය කොදෙව්වන්ට

පෙබ 24, 2020

    ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ තායිලන්තයට එරෙහිව පැවති තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය වාර්තා කළේය.

    තරගය පැවැත්වුණේ ජර්ත්හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් තායිලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 78ක් රැස්කළේය. නැපඩ් කොන්චරොඑන්කා ලකුණු 33යි. නොරිමෝල් චයිවායි ලකුණු 13ක් රැස් කළේය.

    සෙසු කිසිඳු ක්‍රිඩිකාවක් ලකුණු 10 සීමාව පසුකළේ නැත. පන්දු යැවීමේ දී ස්ටෙෆනි ටේලර් කඩුලු 3ක් බිඳ හෙලීය. පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගය ජයගත්තේ, පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් දැවි ලකුණු 80ක් රැස් කරමින්. ස්ටෙෆනි ටේලර් නොදැවී ලකුණු 26ක් සහ හෙමී කැම්බර් නොදැවී ලකුණු 25ක් රැස් කළේය.

    Latest News