මතිෂට IPL වරම්

අප්‍රේ 21, 2022

    යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාලියේ දී චෙන්නායි සුපර් කින්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ වරම හිමිව තිබේ.

    ඒ එම කණ්ඩායමේ ක්‍රීඩක ඇඩම් මිල්නේ ආබාධයට ලක්වීම හේතුවෙන්. ඒ බව චෙන්නායි සුපර් කින්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය නිල වශයෙන් නිවේදනය කළා.

    තරගාවලියේ මතීෂ පතිරණට ඉන්දීය රුපියල් ලක්ෂ 20ක මුදලක් ගෙවීමට නියමිතයි. ඔහු මෙම වසරේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කළා. 

    Last modified on බ්‍රහස්පතින්දා, 21 අප්‍රේල් 2022 17:25

    Latest News