IPL; තියුණු තරගයකින්, චෙන්නායි සුපර් කිංග්ස්ට කඩුලු 3ක ජයක්...

අප්‍රේ 22, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 3ක ජයක් හිමිකර ගත්තා.

    තරගය ඊයේ පැවැත්වුණේ ඉන්දියාවේ මුම්බායිහිදී. මුලින් පන්දුවට පහරදුන්, මුම්බායි ඉන්දියන් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුනු 155ක් රැස් කළා. කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය පළමු පන්දු වාරයේදීම දවා ගැනීමට මුකේෂ් චවෘද්‍රි සමත්වුණා. මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ තිලක් චර්මා නොදැවී ලකුණු 51ක් රැස් කළා.

    ලකුණු 156ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තියුණු තරගයකින් පසු අවසන් පන්දුවේදී ජය හිමිකර ගත්තා. අම්බති රයිදු ලකුණු 40යි. කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය එම්.එස්. දෝණි නොදැවී ලකුණු 28යි. පන්දු යැවීමේදී ඩැනියෙල් සෑම් කඩුලු 4ක් බිඳ හෙලුවා. තරගයේ වීරයා මුකේෂ් චවෘද්‍රී.
    මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම, මේ දක්වා ක්‍රීඩා කළ තරග 7ම පරාජයට පත්වූ අතර, ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ අවසන් ස්ථානයේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වන්නේ, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.

    Latest News