ශ්‍රීමාලි සමරකෝන්ට බර ඉසිලීමේ රන් පදක්කම...

දෙසැ 09, 2021

    පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් හිමි කරගැනීමට ශ්‍රීමාලි සමරකෝන් අද සමත් වුණා.

    ශූරතාවලිය පැවැත්වෙන්නේ, උස්බෙකිස්ථානයේදී. ශ්‍රීමාලි සමරකෝන් නියෝජනය කළේ, කිලෝ ග්‍රෑම් 45 ට අඩු බර පන්තියයි.

    ස්නැච් ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 58ක බරක් එසවූ අතර, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ එසවූ බර, කිලෝ ග්‍රෑම් 78ක්. ඒ අනුව, කිලෝ ග්‍රෑම් 136 ක බරක් එසවූ ශ්‍රීමාලි සමරකෝන් එම බර පන්තියේ රන් පදක්කම හිමිකරගත්තා.

    මෙවර ශූරතාවලියේදී ශ්‍රී ලංකාව හිමිකරගත් පළමු පදක්කම මෙයයි.

    Latest News