අවු. 19 න් පහළ සිව්වැනි ක්‍රිකට් තරගයේ ජයත් ශ්‍රී ලංකාවට...

දෙසැ 08, 2021

    එංගලන්ත වයස අවුරුදු 19 ක් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති සිව්වැනි එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 ක් පහළ කණ්ඩායම අද සමත්වුණා.

    ඒ අනුව, තරගාවලිය තරග 3 ට 1 ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 243 ක් රැස්කළා. එංගලන්ත යොවුන් කණ්ඩායමට පන්දුවාර 33 යි පන්දු 3 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 117 ක් පමණයි. තරගයෙන් ශ්‍රී ලංකාව ජයගත්තේ ලකුණු 126 කින්.

    Last modified on බදාදා, 08 දෙසැම්බර් 2021 19:57

    Latest News