පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම්වරිය දිවයිනට

නොවැ 04, 2019

    පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල අධිකරණ අමාත්‍යවරුන්ගේ සමුළුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස කොළඹ දී ආරම්භවීමට නියමිතයි.

    සමුළුවට සහභාගීවීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය සංගමයේ ලේකම්, පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ද ඊයේ සවස කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියාය. ගුවන් තොටුපොළේ දී ඇයව පිළිගනු ලැබුයේ, නීතිපති දප්පුල ද ලිවේරා මහතා හා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, පියුමන්ති පීරිස් මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින්. සමුළුව ලබන 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

    අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය, අමාත්‍ය තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන් ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය හිමි රටවල අධිකරණ අමාත්‍යවරුන් හා ජ්‍යෙෂ්ඨ අධිකරණ නිලධාරීන් මීට සහභාගී වෙයි. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර පවතින නීති පද්ධතිය, නීතිය පිළිබඳ දැනුම, හුවමාරුව, අධිකරණ පහසුකම් සංවර්ධනය, නීතිමය සහයෝගීතාවය, සිවිල් නීති පද්ධතිය, දූෂණය, නීති පද්ධතියේ විවිධත්වය ඇතුළු කලාපීය රටවල් අතර නීතිමය අනෝන්‍ය සහයෝගීතිවෙන් ක්‍රියා කිරීම යන කරුණු පිළිබඳව සමුළුවේ දී සාකච්ජා කිරීමට නියමිතයි.

    IMG 1478

    IMG 1636

    IMG 1545

    Last modified on සදුදා, 04 නොවැම්බර් 2019 11:06

    Latest News