20-20 ලෝක කුසලාන තරගාවලියේ දෙවන තරගයේ ජය ස්කොට්ලන්තයට

ඔක් 18, 2021

    මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය ලබා ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත්වුණා.

    ඒ, පළමු වටයේ තරගයක් ලෙස බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 06 කින් තියණු ලෙස ජය ගනිමින්.

    ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගය B කාණ්ඩය යටතේ පැවැත්වුණා.

    පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 09 ක් දැවී ලකුණු 140 ක් රැස් කළා. ක්‍රිස් ග්‍රීව්ස්, පන්දු 28 කදී ලකුණු 45 යි. පන්දු යැවීමේදී මෙහෙදි හසන්, ලකුණු 19 කට කඩුළු 03 ක් දවා ගත්තා. ශකීබ් අල් හසන් සහ මස්ටෆි සූර් රෙහෙමාන්, කඩුළු 02 බැගින් දවා ගැනීමට සමත්වුණා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී කඩුළු 07 ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 134 ක් පමණයි.

    අවසන් පන්දුවාරයේදී බංග්ලාදේශ කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා ලකුණු 24 ක් ලබාගත යුතුව තිබුණා. කෙසේවෙතත් ඔවුන්ට එම පන්දු වාරයේදී ලබාගත හැකිවූයේ ලකුණු 17 ක් පමණයි.

    බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම්, ලකුණු 38 ක් සහ නායක මහමුදුල්ලා ලකුණු 23 ක් රැස් කළා. පන්දු යැවීමේදී ස්කොට්ලන්තයේ බ්‍රැඩ්වීල් ලකුණු 24 කට කඩුළු 03 ක් දවා ගැනීමට සමත්වුණා.

    Latest News