ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඇරඹේ

අගෝ 18, 2021

    ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ තරග අද ආරම්භ කෙරිණ.

    කෙන්යාවේ නයිරෝබි නුවරදී පැවැත්වෙන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු සහභාගී වෙයි.

    තරගාවලියේ සමාරම්භක උත්සවය ඊයේ පැවැත්විණ. ඉසුරු කෞශල්‍ය,ආර්.ඩී.බණ්ඩාර, ආර් එස් ජයසුන්දර,ශානිකා ලක්ෂානි,මේදානි ජයමාන්න,සයුරි ලක්ෂිමා සහ ටී ඩී කරුණාරත්න යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරයි.

    ලොවපුරා රටවල් 119ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකට ආසන්න පිරිසක් තරගාවලියට සහභාගී වෙයි.

    වයස අවුරුදු 20න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ලබන 22 දක්වා පැවැත්වීමට නියමිතයි.

    Latest News