ක්‍රිකට් නිලවරණය ලබන පෙබරවාරි 07

දෙසැ 06, 2018

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලබන වසරේ පෙබරවාරි 7 වැනි දින පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කරයි.


    ක්‍රිකට් නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබිණ. එම වාරණය අභියාචනාධිකරණය විසින් පසුව ඉවත් කරනු ලැබීය. අනතුරුව නිලවරණය පැවැත්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ත්‍රි පුද්ගල නිලවරණ කමිටුවක් පත් කළේය.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 9 වැනි දිනට පෙර පැවැත්විය යුතු බවයි. ඒ අනුව ක්‍රිකට් නිලවරණය ලබන වසරේ පෙබරවාරි 7 වැනි දින පැවැත්වීමට නියමිතයි.

    Latest News