ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් පිලට පළමු තරගයෙන් ලකුණු 109ක ජයක්

දෙසැ 07, 2018

    ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගයෙන් ලකුණු 109ක ජයක් හිමිකර ගැනීමට, ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමත් වෙති.

    තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ. ශ්‍රී ලංකාව තරග වැඳුණේ ඕමානය සමඟයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත ලකුණු 324ක් ලබාගත්හ. හසිත බෝයගොඩ ලකුණු 80යි. කමිඳු මෙන්ඩිස් ලකුණු 75ක් රැස් කළ අතර සඳුන් වීරක්කොඩි ලකුණු 29ක් ලබාගත්තේය.

    ලකුණු 325ක ඉලක්කයක් හඹාගිය ඕමාන කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ හැකිවුයේ ලකුණු 215ක් පමණි. පන්දු යැවීමේදී ෂම්මු අෂාන් සහ ෂෙහාන් මධුශංක කඩුලු 2 බැගින් දවාගත්හ.

    ඉන්දියාව සහ ඇෆ්ගනිස්තාන යොවුන් කණ්ඩායම අතර තරගයේ ජය හිමිකර ගත්තේ ඉන්දියාවයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 8ක් දැවී ලකුණු 281ක් රැස් කළහ. ඇෆ්ගනිස්තානයට සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 207ක් පමණි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සිකුරාදා, 07 දෙසැම්බර් 2018 19:12

    Latest News