ඉන්දියානු 20-20 ලෝක කුසලානයට පෙරහුරුවක්-මාලිංග

ජන 02, 2020

    එළඹෙන ඉන්දියානු තරග සංචාරය 20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා පෙරහුරුවක් බව, ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසයි.

    ඉන්දියාව සමග පැවැත්වෙන 20-20 තරගාවලිය සඳහා පිටත්ව යාමට පෙර ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ආගමික වතාවත්වල නිරත විය. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර 20-20 තරගාවලියට තරග තුනක් ඇතුළත්. පළමු තරගය ලබන 05 වැනි දින ගුහාති හිදී ආරම්භ කෙරේ.

    දෙවැනි තරගය පැවැත්වෙන්නේ ලබන 07 වැනි දිනයි. ඒ ඉන්දෝර්හිදී. ජනවාරි 10 වැනි දින පුනේහිදී පැවැත්වෙන තරගයෙන් 20-20 තරගාවලිය අවසන්වීමට නියමිතයි. අද අලුයම දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජනවාරි 2020 15:34

    Latest News