ජාතික මල්ලව පොර තරගාවලිය

දෙසැ 05, 2018

    78 වැනි ජාතික මල්ලව පොර ශුරතාවලියේ පිරිමි අංශයේ ශූරතාව නාවික හමුදාවට හිමිවිය.

    එහි කාන්තා ශූරතාව දිනාගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. තරගාවලිය පැවැත්වුණේ මීගමුව ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ත ක්‍රීඩාංගණයේදීය. දින 3ක් පැවති තරගාවලියට ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුලු ක්‍රීඩා සමාජ 10ක් සහභාගි විය.

    පිරිමි අංශයේ ශුරතාව දිනූ නාවික හමුදාව ලකුණු 33ක් රැස් කළ අතර, අනු ශුරතාව ගුවන් හමුදාවට හිමිවිය. කාන්තා අංශයේ ශුරතාව දිනූ ගුවන් හමුදාවට හිමිවූ ලකුණු සංඛ්‍යාව 28කි. අනු ශුරතාව යුද හමුදාව විසින් දිනාගනු ලැබීය. යුද හමුදාවේ ජී.එම්.මුණසිංහ තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් අතර, දක්‍ෂතම ක්‍රීඩිකාව වූයේ ගුවන් හමුදාවේ ඒ.එන්.කරුණාසේනයි.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

    Latest News