මීගමුව බන්ධනාගාර සිද්ධියට සම්බන්ධ ජේලර් කාලිංග රිමාන්ඩ් භාරයට

ජූලි 25, 2020

    මීගමුව බන්ධනාගාරයට නීති විරෝධී ද්‍රව්‍ය ගෙනයාමට අවසර ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජේලර් කාලිංග කළුඅග්ගල රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

    ඔහු මෙම මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) නියෝග කළේය.

    මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව අධිකරණයෙන් පසුගිය දා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

    ඒ අනූව ජේලර් කාලිංග කළුඅග්ගල ඊයේ (24) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර විය.

    Last modified on සෙනසුරාදා, 25 ජූලි 2020 17:11

    Latest News