පවතින කොවිඩ් - 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන තිබේ. ඒ අනූව අද (01) සිට මාර්තු 31 වැනිදා දක්වා අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අදාළව චක්‍රලේඛය නිකුත් කර ඇත.

අද (01) සිට 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) නිකුත් කර තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා පනවා තිබූ සීමා ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සඳහන් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ඇතැම් මාර්ගෝපදේශ නීතියක් බවට පත් කරන ගැසට් නිවේදනය අද (16) නිකුත් කෙරේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් බවට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස පළාත් අතර පනවා තිබූ සංචරණ සීමා අද (5) සිට තවත් සති දෙකක කාලයකට එනම් (19) වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

කොවිඩ් අමාත්‍යාංශය, රාමසාන් උපවාසය වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

Latest News