තවත් මාසයක් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි

මාර් 01, 2022

    පවතින කොවිඩ් - 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන තිබේ. ඒ අනූව අද (01) සිට මාර්තු 31 වැනිදා දක්වා අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අදාළව චක්‍රලේඛය නිකුත් කර ඇත.

    ජනතාවගේ දෛනික කටයුතු සිදුකිරීමේ දී අනුගමනය කළයුතු සෞඛ්‍ය පුරුදු ඇතුළත්ව එම චක්‍රලේඛය නිකුත් කර ඇති අතර පසුගිය පෙබරවාරි 01 වැනිදා සිට එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරනු ලැබීය.

    නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනූව, ආපන ශාලා, සාප්පු සංකීර්ණ, වෙළෙඳසැල්, මුල්‍ය ආයතන, උසස් අධ්‍යාපන ආයතන, සිනමා ශාලාවන්, ශරීර සුවතා මධ්‍යස්ථාන, ක්‍රීඩා, අවමංගල්‍ය උත්සව, උපකාරක පන්ති, විභාග පැවැත්වීම් සහ කර්මාන්ත ශාලා ආදිය පවත්වාගෙන යාමේදී මේ දක්වා පනවා තිබු සීමා ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත. 

    ඒ අනුව ඉහත ක්‍රියාකාරකම් වලදී නිසි සෞඛ්‍ය පුරුදු ක්‍රියා මාර්ග වලට අනුගත වෙමින් ජනතාව වැඩ කටයුතු කරගෙන යාමට වගබලා ගත යුතු වන බවයි නව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වන්නේ.

    සති පොලවල් ඇතුළු විවෘත වෙළෙඳාම් සහ ජංගම වෙළෙඳාම් කටයුතු සිදුකිරීමේදී ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙන උපදෙස් වලට අනුගතව කටයුතු කළ යුතුයි.

    විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ප්‍රමාණයෙන් සීයයට 75ක ප්‍රමාණයකට සහභාගිවීමට අවසර ලබාදී ඇත. එමෙන්ම පෞද්ගලික ඒකාරාශි කිරීම්, සම්මන්ත්‍රණ සහ වෙළෙඳ ප්‍රදර්ශණ ආදී කටයුතු සඳහා ද එකවර කැඳවීමට අවසර ලබාදී ඇත්තේ 75%ක පිරිසකටය.

    එමෙන්ම, පූර්ණ එන්නත්කරණයට ලක්වූ විදේශිකයන් මෙරටට පැමිණීමේදී ගුවන් තොටුපලේදී හෝ වරායේදී සිදුකළ යුතු පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවන් ද (01) සිට නතර කර ඇති බව ද නිරෝධායන ඒකකයේ විශේෂඥ වෛද්‍ය දිල්හානි සමරසේකර සඳහන් කරයි.

    මෙරටට පැමිණීමට මාස 6කට පෙර කිසියම් පුද්ගලයෙකුට කොවිඩ් රෝගය වැළදී ඇත්නම් හා එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති නම් එවැනි පුද්ගලයින් පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවකට ලක්වීම අනිවාර්ය නොවන බව ද ඇය සඳහන් කරයි.

    අදාළ මාර්ගෝපදේශ මාලාව සඳහා පිවිසෙන්න….

    file:///C:/Users/Editors/Desktop/Health01.pdf

    Last modified on අඟහරුවාදා, 01 මාර්තු 2022 11:47

    Latest News