කොවිඩ් මාර්ගෝපදේශ නීති බවට පත් වෙයි

අගෝ 16, 2021

    කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ඇතැම් මාර්ගෝපදේශ නීතියක් බවට පත් කරන ගැසට් නිවේදනය අද (16) නිකුත් කෙරේ.

    කොවිඩ් මර්දනය සඳහා ජනතාවගේ ස්වයං පාලනයක් නොමැතිකම නිසා මෙවැනි නීති මාලාවක් ගෙන ඒමට පියවර ගත් බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

    මෙම මාර්ගෝපදේශයන් නීතියක් බවට පත් කිරීමෙන් අදාළ මාර්ගෝපදේශයන්ට තවත් වටිනාකමක් එකතු කිරීම හා ජනතාවගේ සංචරණයන් සීමා කිරීම අරමුණු කෙරේ.

    කොවිඩ් පාලනය සඳහා අවශ්‍ය පරිදි වරින් වර මීට පෙර නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අවශ්‍යතාව අනුව වෙනස් කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබු අතර සෙනඟ එක්රැස් වන ස්ථාන අවම කිරීමට වරින් වර මෙම පියවර ගැනිණ.

    මේ අනුව මෙතෙක් මාර්ගෝපදේශයක් පමණක් වු සෞඛ්‍ය නීති නව ගැසට් නිවේදනය නිකුත් වීමත් සමඟ මෙරට නීතියක් බවට පත් වෙයි.

    Latest News