ලබන 31 දක්වා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

අගෝ 18, 2021

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සඳහන් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

    එය අගෝස්තු මස 31වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇති. 

    මෙම කාල සීමාව තුලදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සහ ඖෂධ ආදිය මිලදී ගැනීම සඳහා නිවසින් බැහැරව යාමට අවසර හිමිවන්නේ එක් පුද්ගලයෙකුට පමණයි. එහෙත් රැකියාව සඳහා  පිටතට යනවිය එය අදාළ නොවේ. 

    සුපිරි වෙළෙඳසැලක් තුළ එක් වර සිටිය හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් 25%කට පමණි. කාය වර්ධන මධ්‍යස්ථාන සහ ගෘහස්ථත ක්‍රීඩාගාර අද සිට වසා දැමේ.

    සති දෙකක් දිවා සුරැකුම් මධ්‍යස්ථාන වසා දැමේ. එමෙන්ම, ළමා උද්‍යාන, කානිවල්, සංගීත සංදර්ශන, බීජ් පාටි හා වෙරළ ඒකරාශී වීම ද අද සිට තහනම් වෙයි. එමෙන්ම සියලු පෙර පාසැල්, පාසැල්, උසස් අධ්‍යාපන ආයතන සහ විශ්ව විද්‍යාල, උපකාරක පංති නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇත.

    ඇවිදිනි මංතීරු භාවිත කිරීමේදී සාමුහිකව නොව තනි තනි වශයෙන් භාවිතා කිරීමට අවසර හිමිවේ.

    පිහිණුම් තටාක හා ස්පා අද සිට වැසේ. හෝටල් හා නිවාඩු නිකේතන විවෘත කර තැබිය හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් සියයට 25%කට පමණි.

    පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී ආසන සංඛ්‍යාව අනුව පමණක් මගීන් රැගෙන යාම සිදුකර යුතු වන අතර අන්තර් පළාත් අතර ගමන් කිරීමට අවසර හිමිවන්නේ අත්‍යාවශ්‍ය සේවාවන්ට සම්බන්ධ පුද්ගලයින්ට පමණයි.

    එම සම්පූර්ණ නිවේදනය පහතින්...

    Sansodana px 900 18 08 21

    Sansodana 01 px 900 18 08 2

    Sansodana 02 px 900 18 08 2

    Sansodana 03 px 900 18 08 2

     

     

    01en

    02en

    03en

     

    Last modified on බදාදා, 18 අගෝස්තු 2021 19:57

    Latest News