රාමසාන් වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

අප්‍රේ 15, 2021

    කොවිඩ් අමාත්‍යාංශය, රාමසාන් උපවාසය වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

    කරුණු 30ක් ඊට ඇතුළත්. නව මාර්ගෝපදේශ මාලාවට අනූව පල්ලිවල ආගමික කටයුතු සඳහා සහභාගී විය යුත්තේ, වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් පමණයි. පල්ලිය ඇතුළත එකිනෙකා අතර පරතරයේ අවමය මීටරයක් දුරකින් පවත්වා ගත යුතුයි.

    පල්ලියක් තුළට යා හැකි උපරිම සංඛ්‍යාව 100ක් බව ද මාර්ගෝපදේශ මාලාවේ සඳහන්. පල්ලියට ඇතුළුවන සියලු දෙනාගේ උෂ්ණත්වය මැන බැලිය යුතු අතර, පල්ලිය තුළ දී සියලුදෙනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කළ යුතුයි.

    පල්ලිය මගින් බැතිමතුන්ට ආහාර පාන කිසිවක් ලබා නොදිය යුතු අතර උපවාසය අවසන් කිරීම සඳහා ජලය යොදා පවිත්‍ර කිරීම නිවස තුළ දී සිදුකළ යුතු වෙයි.

    Covid

    covid2

    covid3

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අප්‍රේල් 2021 11:38

    Latest News