බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් අද ප්‍රතික්ෂේප කළා.

ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් ඔහුගේ නීතිඥ වරු විසින් ඉදිරිපත් කළ ඇප අයදුම්පතක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා.

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතාව අත්අඩංගුවටගෙන තිබේ.

අසාද් සාලි මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය ආගමික අන්තවාදය සදහා කළ ප්‍රකාශයක් වන බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියා කරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහත සාලි පදනමට සමූපකාර තොග වෙළඳ සංස්ථාවට අයත් ගබඩාවක් නිත්‍යානුකූල නොවන අයුරින් බදු පදනමට ගෙන මුදල් නොගෙවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (05) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත දැනුම් දුනි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල පවසයි.

Latest News