මිලියන ගණන් සල්ලි විසිවෙනවා...... ආගමත් විකෘති කරනවා...... අසාද් සාලී

මැයි 02, 2019

    බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

    “මේ දැන් කුරාන් එකක් උස්සන් එනවා අබ්දුල් රාසික්. කාටද බාරදෙන්න යන්නේ. හිටපු ජනාධිපතිතුමාට, උදය ගම්මන්පිලට, විමල් වීරවංශට, මේ අල් කුරාන් එක නොවෙයි. අල්කුරාන් එකේ වැරැද්දක් තියෙනවා කියලා උලමා එකෙන් කියලා ඉවරයි. මුස්ලිම් අමාත්‍යාංශයෙන් ලියුමක් ලියලා තියෙනවා උලමාගෙන් අහලා මේකද හරි කුරානේ කිව්වම ඒගොල්ලන් නැහැ කිව්වා. මෙහෙට එන සල්ලිවලට මේගොල්ලන්ට ගණන් පෙන්න ගන්න බැහැ.

    මේ සල්ලි කොහෙන්ද ආවේ කියලා මිලියන 14ක් විසි කරලා කොහොමද ආවේ කියලා අහන තත්වයට පත් වෙලා තියෙනවා. මුස්ලිම් ජනතාවට ඔබලා සල්ලි ටික තියාගනින් අපිව පාවලා දෙන්න එපා කිව්වා.

    අපේ ජනතාව සල්ලිවලට රැවටුණේ නැහැ. හැම තැනම අල්ලලා දුන්නා, පොලිසියට ඉම්පෝමේෂන් දුන්නා, ජී.ඒට කිව්වා, ග්‍රාමසේවකට කිව්වා, හමුදාවට කිව්ව තමයි සායින්දමරුදුවලත්, සමන්තුරෙත් වෙලා තියෙන්නේ. මුස්ලිම් ජනතාව සියයට සියයක් සහයෝගය දෙනවා.“ යැයි අසාද් සාලි මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 19:53

    Latest News