“අසාද් සාලි අත්අඩංගුවට ගන්න ඕන ” – මහජන ආරක්ෂක ඇමැති

මාර් 13, 2021

    අසාද් සාලි මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය ආගමික අන්තවාදය සදහා කළ ප්‍රකාශයක් වන බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියා කරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

     

    එහි දී අදහස් දැක් වූ අමාත්‍ය සරත් වීරසේකර...

    “අසාද් සාලිව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න ඕනේ. මොකද එයා කරපු ප්‍රකාශය ආගමික අන්තවාදය සඳහා වන ප්‍රකාශයක්. මොකද ෂරියා නීතිය අනුව ක්‍රියා කරනවානම් එයා යන්න ඕනේ සවුදි අරාබියට. එයාට ලංකාවේ ඉන්න බැහැ. ලංකාවේ ඉන්නවානම් ලංකාවේ නීතියට අනුව තමයි එයා කටයුතු කරන්න ඕනේ. එයා විතරක් නෙමෙයි හැමෝම. කොහොමත් එයාව අත්අඩංගුවට අරගෙන එයාගෙන් ඒ කරුණු විමසලා ඒ අවශ්‍ය නීති ප්‍රකාර කටයුතු අපි කරනවා“

    Latest News