සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ නව මාර්ගෝපදේශ මාලාවට අනුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති අද සිට (16) ආරම්භ කිරීමට අවසර හිමිවෙයි.

නොවැම්බර් මස සිට ක්‍රියාත්මක කළයුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

විශ්ව විද්‍යාල සහ උපකාරක පන්ති පැවැත්වීම තාවකාලිකව අත්හිටුවූ බව රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කරයි.

බස්නාහිර පළාතේ උපකාරක පංති අප්‍රේල් මස 12 වැනි දිනයෙන් පසුව ආරම්භ කිරීමට අනුමැතිය ලබා දී තිබේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම අද (23) මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් වෙයි.

බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල ලබන 25 වැනිදා සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් නයින්ටීන් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ උපකාරක පංති සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුව ආරම්භ කිරිමට අවසර ලබාදී තිබේ.

2019 අධ්‍යාපන පොදු සහිතක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව ඊයේ (26) මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන දෙසැම්බර් මස 12 වැනිදා දක්වා සම්පූර්ණ කාලය තුළ සියලු උපකාරක පන්ති තහනම් කර තිබේ.

ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නිවාඩු සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් දෙකක විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා උපකාරක පංති හා දේශන සම්මන්ත්‍රණ පැවැත්වීම අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Latest News