බස්නාහිර උපකාරක පංති පැවැත්වීමට අනුමැතිය

අප්‍රේ 07, 2021

    බස්නාහිර පළාතේ උපකාරක පංති අප්‍රේල් මස 12 වැනි දිනයෙන් පසුව ආරම්භ කිරීමට අනුමැතිය ලබා දී තිබේ.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඒ බව ප්‍රකාශ කළාය.

    උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජනවාරි මස 21 වැනි දින නිකුත් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවාය.

    ඒ අනූව උපකාරක පන්ති වල උපරිම සිසුන් සංඛ්‍යාව සියය කට සිමා කළ යුතු බවද, මෙය මහා පරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන පන්ති සඳහා ද අදාළ බවත් අමාත්‍යවරිය සඳහන් කරයි.

    සැම පන්තියකම මීටරය දුර පවත්වා ගැනීම කළයුතු බවද සඳහන් කර ඇත. 

    ආසන පහසුකම් 100ට වඩා අඩුවන අවස්ථාවලදී සිසුන් සංඛ්‍යාව මුළු ආසන ධාරිතාවයෙන් සියයට 50ක් නොඉක්මවිය යුතුය.

    Last modified on බදාදා, 07 අප්‍රේල් 2021 07:56

    Latest News