මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබන 18 වන විට නම් කරන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී අසන්ත ද මෙල් පවසයි.

රටක් ලෙස ක්‍රීඩාව ආරක්ෂා කළ යුතු යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

දකුණු අප්‍රිකාව සමග පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී පන්දු රැකීම අතරතුර වම් පාදයේ ඇති වූ ආබාදය නිසා කුසල් ජනිත් පෙරේරාට එම තරගාවලියේ මීලඟ තරග ක්‍රිඩා කළ නොහැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කරයි.

Up date  - නිලවරනයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස පත්වු ෂම්මී සිල්වා මහතා අද පස්වරුවේ එම තනතුරේ වැඩ භාර ගත්තා.

ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් යොමු කර තිබේ.

2016 ජනවාරි 31 සිට 2018 දෙසැම්බර් 31 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගණුදෙණු පිළිබඳ වොහාරික විගණනයක් කර සති 02 කින් වාර්තාවක් ලබා දෙන ලෙස ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු නියෝග කර තිබේ.

Latest News