පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ

ජන 04, 2021

    පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමඟ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හතරක් විවෘත කිරිමට පියවර ගෙන තිබේ.

    අධික වර්ෂාවත් සමඟ පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.

    ඒ අනූව වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කිරිමට පියවර ගත් බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස් කේ හේවාගමගේ මහතා සඳහන් කළේ.

    ඒ අනූව තප්පරයට ඝන අඩි 560 ක ජල ධාරිතාවක් අඹන්ගගට මුදා හැරේ.

    එහෙයින් ගඟ දෙපස පදිංචිකරුවන්ට විමසිල්ලෙන් පසුවන ලෙසයි, වාරිමාර්ග නිලධාරීන් දැනුම් දෙන්නේ.

    Latest News