2022 වසරේ 5ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත මේ වසරේ 6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබේ.

පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය - 2021හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (12) නිකුත් වූ අතර, සිසුන් 769කගේ ප්‍රතිඵල මෙවර වෙනස් වී තිබේ.

2022 වර්ෂයට පවත්වන්නට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයන් පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කර තිබේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම් පත්‍ර භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කර තිබේ.

2021 වසරේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අදාළ කඩයිම් ලකුණු නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ වන්නේ 152 ක වන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. 

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ දී දිස්ත්‍රික් තරාව (District Rank) හෝ දිවයින් තරාව (Island Rank) නිකුත් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව නිව්දෙනය කරයි. අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව දිස්ත්‍රික්කය හා මාධ්‍ය අනූව අදාළ කඩයිම් ලකුණු සඳහන් කෙරෙනු ඇති.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම පිළිබඳ විවිධ ඉල්ලීම් මේ වනවිට ලැබෙමින් පවතින අතර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමඟ අද පවත්වන සාකච්ඡාවකින් අනතුරුව දෙමාපියන්ට, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ගුරුවරුන්ට සහ සෑම පාර්ශ්වකරුවකුටම සාධාරණයක් වන පරිදි තීන්දුවක් ලබන සතියේ අඟහරුවාදා තමන් විසින් ප්‍රකාශයට පත් කෙරෙන බව ධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

05 වසර ශිෂ්‍යත්ව ප්‍රථිපල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ප්‍රථිපල www.doenets.lk සහ www.results.exams.gov.lk වෙබ් අඩවිවලින් ලබා ගත හැකියි.

Results_Released-1.jpg

එමෙන්ම එක් එක් දිස්ත්‍රික්කයට අදාළ සිංහල සහ දමිල භාෂා මාධ්‍යයේ කඩඉම් ලකුණු ද නිකුත් කර තිබේ.

සිංහල මාධ්‍ය සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු ලෙස දැක්වෙන්නේ 169කි.

අනෙක් දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු

වව්නියාව - 157

නුවරඑළිය - 161

හම්බන්තොට - 164

මුලතිව් - 157

අම්පාර - 162

ත්‍රිකුණාමලය - 161

පුත්තලම - 163

අනුරාධපුරය - 163

පොළොන්නරුව - 163

බදුල්ල - 163

මොනරාගල - 162

රත්නපුර - 165

Cut_off_marks-1.jpg 

මේ අතර කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත සමීක්ෂණය සිදුකිරීමට අවශ්‍යනම් අභියාචනා ඉදිරිපත් කිරීම ගැන තොරතුරු පසුව දැනුම්දෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

 

 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන් වෙත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුබසාධන අරමුදල මඟින් වාර්ෂිකව පිරිනමන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ජූලි 31 දක්වා දීර්ඝ කෙරේ.

Latest News